Aboutceylon Online

උකුස්සෙකු සහ බඹරුන් ප්‍රහාරයක් දියත් කරයි – වතු කම්කරුවන් රෝහලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 8 දෙනෙකු  බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව  බගවන්තලව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතු යායේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු  පහර දුන් බවත් , ඉන්  ඇවිස්සුණු බඹරුන් තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා  බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

 

Scroll to Top