Aboutceylon Online

විමසුරෙන්ද්‍ර මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඩි.ජේ.විමලසුරෙන්ද්‍ර  මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කාසල්රි ජලාශ රක්ෂිතයේ  කොහොඹ , මි , කුඹුක් පැල  රෝපණය කිරිම  සිදු කෙරිණ.

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි බලාගාර ඉංජිනේරුවන් , සේවකයින් , යුධ හමුදා නිලධාරින් , හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා සහ කාසල්රි ජලාශයේ ධිවර ප්‍රජාවගේ සහභාගිත්වයෙනුයි රුක් රෝපණ වැඩසටහන දියත් කරනු ලැබුවේ.

ඩි.ජේ.විමලසුරෙන්ද්‍ර මහතා විදේශිය අධ්‍යාපනය නිම කර 1930 වසරේදි ශ්‍රි ලංකාවේ විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කර ඇත.



ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය ඉදි කිරිමට නෝටන්බ්‍රිජ් ප්‍රදේශය තොරාගෙන ඇති අතර , එහිදි විමසුරේන්ද්‍ර  ජල විදුලි බලාගාරය ඉදි කර පසුව නෝටන්බ්‍රිජ් විමසුරේන්ද්‍ර ජලාශයද  ඉදි කර ඇත.

විමසුරේන්ද්‍ර ජලාශයේ සිට උමං මාර්ගය ඔස්සේ ලක්ෂපාන ප්‍රදේශය දක්වා ජලය රැගෙන ගොස්  ලක්ෂපාන ජල විදුලි බලාගාරය ඉදි කිරිමට ඩි.ජේ.විමලසුරෙන්ද්‍ර මහතා මුලිකත්වය ගෙන කටයුතු කර ඇති බවයි විදුලි බල මණ්ඩලය ඉංජිනේරුවන් කියා සිටියේ.

Scroll to Top