“MT New Diamond“නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කර තිබේ.
හිමිකම් ඉල්ලීම නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත්තේ, රුපියල් මිලියන 340ක් අය කර ගැනීම සඳහා බව ද සදහන් වේ.
නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාඩ් සමාගම, මීපා ආයතනය හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම පාර්ශවයන් නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් මෙලෙස ගණනය කර ඇත.