මැදවච්ච්ය , කල්ලංදිය පාර ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද මධ්‍යස්තානයක ආයුර්වේද වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටිමින් පාසල් සිසුන්ට සහ අවට ප්‍රදේශවාසී තරුණයන් හට ගංජා මිශ්‍ර මදන මෝධක නීති විරෝධි ලෙස අලවි කළ ආයුර්වේද වෛද්‍ය වරයෙකු සෙට්ටිකුලම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන මැදවච්චිය පොලිසියට භාර දී ඇත.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ නො / 159/ බී , කුරුවිට, හිදෝගම පදිංචි ආයුර්වේද වෛද්‍ය අත්තනායක බාලගේ ජිනදාස නැමති 50 හැවිරිදි අයෙකි.
හිදෝගම සිට දෛනිකව මැදවච්චිය ,කල්ලංදිය පාර ඉකිරිගොල්ලෑව පිහිටි ආයුර්වේද මධ්‍යස්තානය වෙත පැමිණෙන මෙම අයුර්වේද වෛද්‍ය වරයා රෝගින් හට ආයුර්වේද ප්‍රථිකාර ලබා දෙන මුවාවෙන් දීර්ග කාලිනව මෙම නීති විරෝධි ව්‍යාපාරයේ යෙදමින් සිට ඇත.
මෙම ආයුර්වේද වෛද්‍ය වරයා මීට පෙරද මෙවැනිම චෝදනා යටතේ නීතියේ රැහැනට හසු වූ අයෙකි. පිටස්තර ප්‍රදේශ වලින් මෙම ගංජා මිශ්‍ර මදන මෝධක රැගෙන විත් සහ ඔහු විසින් නිෂ්පාදනය කරමින් මදන මෝධක අලවි කිරීමට මෙම වෛද්‍ය වරයා කටයුතු කර ඇත.
මොහු අත් අඩංගුවට පත් වන අවස්තාවේදීද ගංජා මිශ්‍ර මදන මෝධක ග්‍රෑම් 296 ක් සන්තකයේ තිබී සෙට්ටිකුලම පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන ඇත. මෙම වෛද්‍ය වරයා විසින් ගංජා මිශ්‍ර මදන මෝධක කෑලි 30 ක පැකට් සාදා ඉන් එක් කැබැල්ලක් රැපියල් 160 ක් වැනි මුදලකට අලවි කර ඇත.
මැදවච්චිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.