ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ 1,3,6 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසුවියන් දෙදෙනෙකු සහ එක් සිසුවෙකු කුස ගින්නේ පාසලට එවිමට නොහැකි බව එම සිසු සිසුවියන්ගේ මව විසින් එම විදුහලේ විදුහල්පතිවරයාට යොමු කරන ලද ලිපියක් සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් පසුගිය දින කිහිපය තුල ප්‍රචාරය කිරිමෙන් අනතුරුව එම සිසුන් තිදෙනාට ගිනිගත්හේන මහජන බැංකුවේ සිසු උදාන ගිණුම් තුනක් (14) දින ආරම්භ කල බව එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය.
භාරකාර මණ්ඩලයක් යටතේ එම සිසු උදාන ගිණුම් තුන පවත්වාගෙන යන බවත් , එම සිසු සිසුවියන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සදහා පරිත්‍යාගශිලින් වෙතොත් එම ගිණුමට මුදල් කරන ලෙසයි විදුහල්පතිවරයා ඉල්ලා සිටින්නේ.
ගිනිගත්හේන බෝගල කන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා ප්‍රියදර්ශනි (38) හැවිරිදි තිදරු මව එම සිසු සිසුවියන් තිදෙනාගේ මව උපතින් දෘශ්‍යාබාධිතයෙකු වන අතර ඇයගේ සැමියා මිට වසර දෙකකට පමණ ප්‍රථම හැටන් ප්‍රදේශයේදි අනතුරතින් ජිවිතක්ෂයට පත් වි ඇත.
දැඩි ආර්ථික අපහසුතා මැද්දේ ජිවිත් වන පවුල පිලිබදව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් ප්‍රචාරය විමත් සමග දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් එම පවුලට පිහිට විමට ඉදිරිපත් වි ඇත.
එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත සහ ගයානි වික්‍රමසිංහ මහත්මිය (14) දින එම සිසු සිසුවියන් තිදෙනා සහ එම සිසු සිසුවියන්ගේ මව ගිනිගත්හේන මහජන බැංකුව වෙත කැදවාගෙන ගොස් සිසු උදාන ගිණුම් තුනක් විවෘත කර එම ගිණුම් පොත් පාසල් භාරයේ රදවා ගැනිමට විදුහල්පතිවරයා කටයුතු කර ඇත.
මහජන බැංකු ශාඛාව – ගිනිගත්හේන
- සෙව්වන්දි කුමාරි – 302200130026334
- කෞෂල්‍යා කුමාරි – 302200100026335
- සදරුවන් කුමාර – 302200180026336
උපුල් ඉන්ද්‍රජිත් (විදුහල්පතිවරයා) – 0779182768 / 0512242234