ගින්න නිවා දැමූ නිව් ඩයමන්ඞ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ අලූත්වැඩියා කටයුතු මේ වන විට සිදුකරමින් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවැසීය.
නෞකාව නැගෙනහිර මුහුදු සීමාවේ නාවුක සැතපුම් 45 ක් පමණ දුරක ස්ථාපිත කර තිබෙන අතර නැවේ ගිනිගැනීම් ඇතිවීම නිසා පුපුරා ගිය ස්ථාන විදෙස් සමාගමක පිරිසක් විසින් පිළිසකර කරමින් සිටින බව ඒ මහතා කීය.
නැවේ එංජින් කාමරයේ ඇතිවූ ගින්න නිසා එන්ජින් කාමරයට දැඩිලෙස හානි සිදුවී ඇති බවද ඒ මහතා කීය.
නිව් ඩයමන්ඞ් නෞකාව එහි හිමිකාරිත්වය හිමි රටට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යෑමට සුදුසු තත්ත්වයට පත්ව ඇති බවට පිළිසකර කරන සමාගම වාර්තාවක් ලබාදෙන තෙක් එම ස්ථානයේම තබා ගැනීමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.