Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිගන අවට භූ කම්පන සුළුවෙන් තැකීමට බැහැ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහනුවර දිගන ඇතුළු අවට ප‍්‍රදේශවල අවස්ථා කිහිපයකදී ඇති වූ භූ චලන සිද්ධි මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා සිදු වූ දේ නොවන නිසා සුළුවෙන් තැකිය නොහැකි යැයි භූ විද්‍යාා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා මාධ්‍යය වෙත පැවැසීය.

මහනුවර ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයක අවස්ථා කිහිපයක ඇති වූ භූ කම්පන එතරම් සැලකිල්ලට ගත නොහැකි ලෙස සුළු වශයෙන් වාර්තා වුවත් පසුගිය 02 වැනිදා සිදු වූ භූ කම්පන තත්ත්වය මහනුවර පල්ලෙකැලේ භූ කම්පන මානයේ පැහැදිලිව සටහන් වී ඇති අතර මහකනදරා ඔය හා හක්මන ස්ථාපිත කර ඇති භූ කම්පන මාපකයන්හි ද එය සුළුවෙන් සටහන් වී ඇතැයි ඒ මහතා අවධාරණය කර සිටියේය.



Scroll to Top