සැප්තැම්බර් 27 වෙනිදා පකිස්තානයේ දී පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරග සංචාරය සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්රබල ක්රීඩකයින් කිහිප දෙනෙකු සහභාගි නොවන බවට දැනුම් දුන් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පල කර ඇති බව සදහන්වේ.
ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක්රීඩා කිරීමට නියමිතයි.