ඉතා කුඩා ආරම්භයකින් විශාල වෙනසක් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය ජනාධිපති හා මහ මැතිවරණවලදී පෝස්ටර් ඇලවීම නැවැත්වීමට ගත් කුඩා තීරණය නිසා රටේ සියලුම නගර පිරිසිදුව තබා ගැනීමට හැකි විය.
එසේම සෑම අංශයකම සංවර්ධනය ඉතා කුඩා ස්ථානයකින් ආරම්භ කළ හැකි බව ජනාධිපතිවරයා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.