කොවිඩ් -19 ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටුකල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ යතුරුපැදි ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව අගෝස්තු 30 වනදාට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ “කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ” අධ්යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී මෙම යතුරුපැදි පිරිනැමේ. මේ අදියරේදී යතුරු පැදි අටසියයකට (800) වැඩි සංඛ්‍යාවක් පිරිනැමේ.