Aboutceylon Online

කෝඩුකාරයින් රැසක් සමග 9 වැනි පාර්ලිමේන්තුව අද ඇරඹේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉතිහාසයට එක්වන විශේෂතා රැසක් සමගින් ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද (20) මේ මොහොත වන විට ආරම්භ වි තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පස්වරු 3ට ඇරඹීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එය චාම් උත්සවයකට සීමා වනු ඇත.

මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන, නිදහසින් පසු පළමු අවස්ථාව ද මෙයයි.



1947 දී ඇරඹි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන්නේ වසර 73 කට පසුවය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06ක් වුවද මෙවර එය 15ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙයි.

මෙවර මහ මැතිවරණයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුව තුළ බහුතර බලය හිමිකරගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය.

ඒ මන්ත්‍රිධුර 145 ක් සමගිනි.

Scroll to Top