අද (19) අළුයම 03.59ට පමණ ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුතු භුකම්පයක් සිදුව ඇත.
ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජාතික හා අන්තර්ජාතික ආයතන සමග එකඟත්වයෙන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවයි.
කෙසේවෙතත් මින් ඉන්දීය සාගරයේ රටවලට සුනාමි රළ හටගැනීමේ අවධානමක් නැතැයි ඉන්දීය සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය සඳහන් කළේය .