Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සෞභාග්‍ය යේ දැක්ම යථාර්ථයක් කරමින් සිදුකළ ආදර්ශමත් වැඩ සටහනක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටක අග්‍රාමාත්‍ය වරයා දිව්රුම් දෙන අවස්ථාවක අපි කරන්න ඕන රටට වැදගත් වැඩක්. මහින්ද රාජපක්ෂ මහතා  විශාල වැඩි ඡන්ද ගණනක් අරගෙන රටේ අග්‍රාමාත්‍ය ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අවස්ථාව නිමිත් කොට ගෙන පදවිය සුදර්ශන ගමේ කාන්තාවන් කාබනික පොහොර හැදීම ආරම්භ කළා.

ජනාධිපතිතුමා ගොවි ජනතාවට කාබනික පොහොර ටික දෙන්න හදනකොට අපි ඒ කාබනික පොහොර ටික ගමෙන් නිශ්පාදනය කරලා දෙන්න ඕන .ඒක තමයි අපේ යුතුකම බව ගම්වාසීහු පැවසූහ.

රටතුල අග්‍රාමාත්‍ය වරයෙක් දිව්රුම් දෙන විට රතිඤ්ඤා පත්තු කරමින් බොහෝ දෙනා සතුට සමරන අවස්ථා අප දැක තිබෙනවා.

නමුත් පදවිය සුදර්ශන ගමේ කාන්තාවන් පනහක් එකතු වී තම පරිසරයේ ඇති ඉවත ලන දේ ප්‍රයෝජනයට ගෙන කාබනික පොහොර නිශ්පාදනය කිරීමේ ආදර්ශමත් වැඩ සටහනක් ආරම්භ කළාය.ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම යථාර්ථයක් කරමින් මෙම ගම්මානය පුරාම මේ වන විට කාබනික ගෙවතු පනහක් ඉදිකර ඇත.

මේ පිළිබදව පදවිය සුදර්ශන ගමේ එච්.පත්මා මායාදුන්න මහත්මිය අප සමග මෙසේ පැවසුවාය.

ඇත්තටම රටක අග්‍රාමාත්‍ය වරයා දිව්රුම් දෙන අවස්ථාවක අපි කරන්න ඕන රටට වැදගත් වැඩක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා  විශාල වැඩි ඡන්ද ගණනක් අරගෙන රටේ අග්‍රාමාත්‍ය ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අවස්ථාව නිමිත් කොට ගෙන පදවිය සුදර්ශන ගමේ කාන්තා අපි කාබනික පොහොර හැදීම ආරම්භ කළා. බොහෝ කාලයක් වැවේ ජපන් ජබර තිබුණා. අපේ කිරි හරක් ගොම ටික වැව් පිටිවල දැම්මා. ගෙදර කුස්සියේ ඉවත ලනදෑ පරිසරයට මුදා හැරියා.

අද අපිට මාධ්‍ය වේදී මහත්මයකු සමග ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනය පරිසරයට හිතකාමී ඒ එදා විනාශ කල  සියලු දේ ප්‍ර යෝජනයට ගෙන සල්ලි කරන හැටි කියා දුන්නා. අද අපේ ගෙවතු වලට දාන්න කාබනික පොහොර නිශ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා.

අද ගොම ටික, පිදුරු ටික , ජපන් ජබර ටික, ඇල්බීසියා කොළ ටික, කොහොඹ කොළ ටික ,ඒ වගේම අපේ ගෙවත්ත තුල ඇති ඉවත ලන සියල්ලම එකතු කර කාබනික පොහොර හදා සල්ලි උපයන හැටි කියලා දුන්නා. මේ ටික කියලා දුන්නාම අපට ලොකු ලැජ්ජාවකුත් ඇති වුනා.

මේ දක්වා අපි මොනතරම් සම්පත් නාස්ති කළාද කියලා අද වැටහුනා. දැන් අපට තේරෙනවා මේ සියල්ලම සල්ලි කියලා. අපි මේ ගම වෙනුවෙන් අපට ඒ දේ කියලා දුන්න අයට අපේ ගෞරවය පුදකරනවා.

ඩබ්ලිව්.එම්.එම්.ජී.එම්. දයා කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.



ගෙදර වටේම තිබු කසළ ටික වැවේ තිබූ ජපන් ටික අද සල්ලි කරන හැටි කියලා දීලා ඒ වා ප්‍ර යෝජනයට ගෙන කාබනික පොහොර නිශ්පාදනය කළා.  මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දුන් දිනය වෙනුවෙන් මේ වාගේ රටට අපට ආදායම ගෙනෙන යමක් කිරීමට අපට හැකි වීම අප ලැබු ලොකුම වාසනාවක්.

ඉදිරියේදී වැවත් ලස්සන වේවි. අපේ ගෙදර වටේම ලස්සන වේවි. අපටත් ආදායමක් ලැබේවි. ඒ වගේම පදවිය සුදර්ශන ගමේ කාබනික පොහොර යෙදූ එළවළු කන අපේ ගමේ කාන්තාවනුත් ලස්සන වේවි.

ග්‍රාමිය සමාජ සංවර්ධන ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිමල් පද්මසිරි මහතා එහිදි මෙසේ කීහ.

පසුගිය (09) දවස මුළු රටටම වැදගත් දිනයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය වරයා ලෙස දිව්රුම් දුන්නා. එදා විශාල පිරිස් විශාල මුදල් නාස්තියක් කරමින් රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් කමින් සතුට සැමරුවා.  මේ සුදර්ශන ගමේ කාන්තාවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම යථාර්ථයක් කරමින් කාබනික පොහොර හදනවා.



මෙවැනි දිනයක් සිහි ගන්වමින් කාන්තාවන්ගේ ආර්ථිකය දියුණු කරන වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම,අප හැමටම යම් දෙයක් කරන්න පුළුවන් කියන මතය අනුව අපි යමක් කිරීම මුළු රටටම ආදර්ශයක්. ජනාධිපතිතුමා ගොවි ජනතාවට කාබනික පොහොර ටික දෙන්න හදනකොට අපි ඒ කාබනික පොහොර ටික ගමෙන් නිශ්පාදනය කරලා දෙන්න ඕන .ඒක තමයි අපේ යුතුකම වෙන්නේ.

ජනාධිපතිතුමා බලාපොරොත්තු වන්නේ ඉදිරි යේදී ලංකාවේ ජනතාවට වස විෂ නැති ආහාර වෙල් ලබා දෙන්න. අද වන විට මේ සුදර්ශන ගමේ කාන්තාවන් කාබනික ගෙවතු හදනවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වන පදවිය සුදර්ශන ගමේ කාන්තාවන්ට අප ස්තූති කරන්න ඕන.

අප ආයතනය ඒ සදහා මග පෙන්වීමක් කළා. කාන්තාවන් හරිම දක්ෂයි.අදින් පසු මෙම ගමේ  ගෙවල් පනහක් මුල්කර ගෙන කාබනික පොහොර නිශ්පාදය කරාවි.මේ දුප්පත් වෙලා යැයි කියමින් සිටි කාන්තාවන්ට යම් ආදායමක් ලැබේවි.

Scroll to Top