විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත තත්වයක් මේ වන විට ගොඩනැගී ඇති බව සහතික කරමින් ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට “ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්” පසුගියදා පිරිනමා තිබේ.
එය පිරිනමා ඇත්තේ ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රොටකෝලයට අනුකූලව බව වාර්තාවේ.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති ඉතා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම සහතිකය ශ්‍රී ලංකාවට හිමි ව ඇත.
ඒ අනුව වසංගතය මධ්‍යයේ වුවද සංචාරය කිරීමට වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සංචාරකයින් අතර විශ්වාසය තහවුරු කර තිබේ.