Aboutceylon Online

කඩා වැටි ඇති ආර්ථිකය ශක්තිමත් කරන බව කෘෂිකර්ම ඇමති පවසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කඩා වැටි ඇති  ආර්ථිකය ශක්තිමත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මේ රටේ කඩා වැටි ඇති ආර්ථිකය ශක්තිමත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍යය ධුරයෙන් පිදුම් ලැබු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.



මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යය ධුරයෙන් (12) දින පිදුම් ලැබිමෙන් අනතුරුව නාවලපිටිය නගරයේ දි මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පිලි ගැනිමේ උත්සවයකින් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ රටේ 70% ක් කෘෂිකර්මාන්තයේ නියැලි සිටින බවත් , තමන්ට පැවරුණු කැබිනට් අමාත්‍ය ධුරයෙන් කඩා වැටි ඇති කෘෂිකර්මාන්තය යලි නගා සිටුවිමට කටයුතු කරන බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පිලි ගැනිමේ උත්සවයට නාවලපිටිය ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

Scroll to Top