Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චොකලට් වලට කෑදර ලොව වයස්ගතම තැනැත්තා කාන්තාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනස් වාර්තා කමිටුව ප්‍රකාශ කරන්නේ ලොව වයස්ගතම තැනැත්තා කාන්තාව බවයි. ඇය ජපානයේ කේන් ටනාකා නමැති කාන්තාවයි. ඇයගේ වයස අවුරුදු 116 ඉක්මවා ගොස් ඇතත් තවමත් නිරෝගි සුවෙන් පසුවෙයි.

ඇයගේ උපන් දිනය 1903 වසරේ ජනවාරි දෙවනදාය. එය රයිට් සහෝදරයන් ප‍්‍රථම ගුවන් යානය ගුවනට නැංවූ දිනයද වනවා. කේන් 1922.01.06 වෙනිදා හිඩියෝ ටනාකා සමග විවාහ ගිවිස ගෙන ඇත. ඔහු බත්, රසකැවිලි හා නූඞ්ල්ස් නිපදවා අලෙවිකරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි.

කේන් ටනාකාට ලොව වයස්ගතම තැනැත්තාට හිමි ලෝක වාර්තාව පිරිනැමුණු උත්සවයේදී කේන් දැරියක සේ ලජ්ජාවූ බව පැවසේ. ඇයට චොකලට් පෙට්ටියක් තෑගි ලෙස ලැබුණු අතර එය ඉක්මනින් විවෘත කර කෑමට පටන්ගත්තාය. ඇයට කෑමට චොකලට් කීයක් අවශ්‍යදැයි විමසන ලදුව ඇගේ පිළිතුර වී ඇත්තේ ‘100’ක් බවයි.

Scroll to Top