Aboutceylon Online

ළමයි පාසල් යන්න ඕන මෙන්න මෙහෙමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පළමු ශේණියේ සිට 10 වන ශේණිය දක්වා සිසුන්ට හෙට සිට අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වනු ඇති.

සතියේ දින පහ, පහ ශේණියේ සිසුන් පැමිණිය යුතු නමුත්, එකේ සිට හතර ශේණිය දක්වා සිසුන් පැමිණිය යුත්තේ සතියකට දින කිහිපයක් පමණයි.

සෑම සතියකම සඳුඳා එක ශේණියේ සිසුන්ද, අඟහරුවාදා දෙක ශේණියේ සිසුන්ද, බදාදා තුන්වන ශේණියේ සිසුන්ද පාසලට පැමිණිය යුතු වනවා.

එමෙන්ම හතර වන ශේණියේ සිසුන් පැමිණිය යුත්තේ සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සහ සිකුරාදා දිනකම පමණයි.



යළි දැනුම්දෙනතුරු මෙලෙස සිසුන් පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීයික පාසල්වලට පැමිණිය යුතු ආකාරයද අදියර කිහිපයක් යටතේ සිදුවනු ඇති.

ඒ අනුව සෑම සතියේ දිනකම සඳුඳා හය ශේණියේ සිසුන්ද, අඟහරුවාදා 07 ශේණියේ සිසුන්ද, බදාදා අට ශේණියේ සිසුන්ද පැමිණිය යුතුයි.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පැමිණිය යුත්තේ 09 වන ශේණියේ සිසුන් පමණයි.

කෙසේ වෙතත් දහය ශේණියේ සිට 13 වන ශේණිය දක්වා වන සියලූම සිසුන් සතියේ දින පහම පාසලට පැමිණිය යුතු වනවා.

Scroll to Top