මහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනයේ පෙරවරු 7 සිට මේ දක්වා සිදුවීම 67 ක් පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ මේ අතර මේ අතරින් වැඩිම ප්‍රමාණය මැතිවරණ නීති උල්ලංගනය කිරීම් පිළිබද වාර්තා වන බවයි.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අක්කරපත්තු,සයින්දමරුදු කල්මුණේ ප්‍රදේශවලින් ප්රච්ණඩ ක්‍රියා 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කලේය.
වෙනත් මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණය පිළිබදව විමසීමේදී අද උදය වරුවේ ඡන්දය ප්රකාශවීම මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්යක්ෂවරයා පැවසීය .
මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා කැෆේ සංවිධානය නිරීක්ෂකයින් 2200ක් කැෆේ සංවිධානය විසින් යොදවා ඇති අතර යොදවා ඇති වාහන සංඛ්‍යාව 80 කි.