මාධ්‍යවේදීන් රටේ කොදු නාරටිය හා සමානයි. මිනිසෙකු නිර්මාණය කරන්නේද, විනාශ කරන්නේද් මේ මාධ්‍යයි. පසුගියදා මා අනතුරකට පත් වූ අතර එම පුවත ඇතම් මධ්‍ය වල ප්‍රාදේශීය මධ්‍යවේදීන් අසත්‍ය තොරතුරු මත වාර්තා කර තිබීම පිලිබද මා කණගාටු වෙනවා.
මාරාන්තික රිය අනතුරකින් හය දෙනෙකුට බරපතල තුවාල, එක් අයකුගේ පාදයක් ඉවත් කරලා, මැදවච්චිය සභාපති බීමතින් රිය පදවලා, පලා ගොස් සිටියදී මැදවච්චියෙන් අත් අඩංගුවට ගත් බව එම පුවත් වල සඳහන්ව තිබුණා. මෙය සම්පූර්ණ අසත්‍ය පුවතකි.
මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති හේරත් සේනාරත්න මහතා එසේ පැවසුවේ (03) මැදවච්චිය නගරයේදී මාධ්‍යට ඒ පිළිබඳ ප්‍රකාශයක් කරමිනි.
ඒ මහතා මෙසේද කීය,
මම සවස 6.00 ට පමන සභාවේ අත්‍ය අවශ්‍ය ලිපි ගොණු වගයක් කොමසාරිස් තුමියට ලබා දී ගෝණෑව ප්‍රදේශය පහු කරමින් මැදවච්චියට පැමිණෙමින් සිටියේ. එක පාරටම ගෝණෑව හංදියේ අතුරු පාරකින් යතුරු පැදි කරුවෙක් පාර දෙසට පැමිණියා. ඉදිරියෙන් බට්ටා ලොරියකුත් තිබුණා. ඒ සමගම මා ධාවනය කළ නිල රථය මා නවතා ගැණීමට උත්සහ කළා.
ඒ වන විට මාගේ නිල රථය වම් අත දෙසට ඇදෙන බව මට තේරුණා. මා හැකි උපරිම වෙහෙස යොදා ස්ටීරියම් එක පාලනය කළත් එම උත්සහය අසාර්ථක වුණා. එම මොහොතේ පාර අයිනේ නවතා තිබු යතුරු පැදි 04 ක මාගේ නිල රථය ගැටිලා තිබෙනවා. ඒ අසල සිටි 04 දෙනෙකුටත් සුලු තුවාල සහ පාදයක තුවාලයක් පමනක් වී තිබෙනවා.ඒ දරුණු තුවාල නොවේ.
මාගේ හිසටද විස්ක්රීන් එක වැදීම හේතුවෙන් දැඩි ලෙස ලේ ගැලීමක් සිදු වුණා. මා ඒම සිදු වීම සිදු වූ ස්තානයට පැමිණි පුද්ගලයෙකු විසින් වාහනෙන් ඇදලා පාරේ ගමන් ගත් ලොරි රථයක් නවතා එයට දමා මැදවච්චිය රෝහලට ගෙනාවා. තුවාල ලැබූ අයත් රෝහල ගත කරන්න එතන සිටි පිරිස කටයුතු කරලා තිබුණා.
ඒ සියලු දෙනාම අද සම්පූර්ණ සුවය ලබා තම නිවස් වල සිටිනවා. ඒ අය පිලිබඳ අපේ පවුලේ අය සොයා බැලීමටද අමතක කර තිබුණේ නැහැ. මා කිසිදු දිනක මත් පැන් පානය කරන පුද්ගලයෙකු නොවේ. ඒක මුලු මැදවච්චියම දන්නවා.
ඔන්න ඕකයි සිදු වුනේ. නමුත් එම පුවත ඇතම් මධ්‍ය වල ප්‍රාදේශීය මධ්‍යවේදීන් අසත්‍ය තොරතුරු මත වාර්තා කර තිබීම පිලිබද මා කණගාටු වෙනවා.
මාරාන්තික රිය අනතුරකින් හය දෙනෙකුට බරපතල තුවාල, එක් අයකුගේ පාදයක් ඉවත් කරලා, මැදවච්චිය සභාපති බීමතින් රිය පදවලා, පලා ගොස් සිටියදී මැදවච්චියෙන් අත් අඩංගුවට ගත් බව එම පුවත් වල සඳහන්ව තිබුණා.
මෙය සම්පූර්ණ අසත්‍ය පුවතකි. මේ පිළිබඳ මා ඉදිරියෙදී නීතිමය කටයුතු සඳහා යොමු වෙනවා.