මෙවර මහමැතිවරණය සඳහා ඡන්ද සළකුණු කිරීමට පෑනක් රැගෙන ඒම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
අගෝස්තු 05 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන ජන්ද දායකයින් විසින් අපේක්ෂකයින් ගේ මනාප අංක ප්‍රචාරණය වන ආකාරයේ ලකුණු ඇතුලත් පෑන් වර්ග රැගෙන නොඅයුතු බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.
ජන්ද දායකයින් නිල් හෝ කලු පැහැති බෝල තුඩු පෑනක් විය යුතු බවත් යම් හෙයකින් ජන්ද දායකයෙකුට ජන්දය ලකුණු කිරිම සඳහා තමාගේ පෑනක් ගෙන ඒමට හැකියාවක් නැතිවුවහොත් එවැනි ජන්ද දායකයන් සඳහා ජන්ද මධ්‍යස්ථානයේදී විෂබිජහරණය කරන ලද බෝල තුඩු පෑන් සැපයීමට ක්‍රියාකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.