පල්ලේකැලේ ක්රීඩාංගණයේ දී ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් තරගය අද (06) පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකම නවසීලන්ත කණ්ඩායම ජයගත්තේය.
විස්සයි විස්ස තරග බොහෝමයකදි සාමානයෙන් කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම දෙවනුවට පහරදෙයි.ඒ සැලසුම් සකස් කර පහසුවෙන් ජයගත හැකි නිසා .
කාසියේ වාසිය දිනාගෙනත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමත් උඩපන්දු ගිලිහියාමත් තරගාවලිය පරාජයට හේතුවු බව ප්රෙක්ෂකයෝ කියා සිටියි.
කණ්ඩායම් නායක පවසා සිටියේ විවිධ ආලෝක තත්වයන් යටතේ ක්රීඩකයන්ට ක්රීඩා කිරීමට පුහුණුව නැති කම ලෙසයි.
පූර්ණ විස්සයි විස්ස තරගාවලිය පරාජයෙන් ගැලවීමට නම් ශ්රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගත යුතුව ඇත.