දුම්රිය ප්‍රවේශපත් සඳහා පෙරගෙවුම් කාඩ් “ස්මාර්ට් ගෙවුම් කාඩ්” නිකුත් කිරීම සදහා චීන ආයතනයට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවට විවිධ පුවත් වෙබ් අඩවි හරහා සහ සමාජ මාධ්‍ය අඩවි හරහා දැනගන්නට ලැබේ.
රජයේ සියලුම මෘදුකාංග අවශ්‍යතා සියල්ලම දේශීය සමාගම් වලින් සපුරා ගැනීමට කටයුතු කර ඇති අවස්තාවක මෙවැනි ව්‍යාපෘති විදේශීය සමාගම් වෙත පැවරීම ඉතාමත් කණගාටුවට පත්වන කරුණක් වේ.
විශේෂයෙන්ම “ස්මාර්ට් කාඩ්” වැනි දශක කිහිපයක් පැරණි තාක්ෂණයක් තවත් වසර පහක්, දහයක් හෝ ඊට වැඩි කාලයක් සදහා ආදේශ කිරීමට යාම මහජන මුදල් හා කාලය නාස්ති කිරීමක් බව ශි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් අප දකින්නෙමු.
මේ වනවිට ශ්‍රී ලාංකික ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් විසින් පාරිභෝගිකයන් හට ජංගම දුරකතනයක් නොමැති අවස්ථාවකදී පවා ප්‍රවාහන සේවයක් වෙන්කරගැනීමට හැකිවන පරිදි කටයුතු සම්පාදනය කොට ඇති අතර මෙවැනි නව ප්රවනතාවන්ට අනුකුලව දේශීය මෘදුකාංග ශිල්පින් උපයෝගී කරගනිමින් ව්‍යාපෘති සිදුවිය යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් රජයට පෙන්වා දෙමු.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය