Aboutceylon Online

කොරෝනා රෝගියෙකු මුල්ලේරියාව IDH රෝහලෙන් පලා යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.



එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඔහු ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය 119 කෙටි දුරකථන අංකයට හෝ 071 – 8 591 017, 071- 8 592 290, 071 – 8 591 864 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නම : එල්සියාම් නසීම්
Elsiyam nazeem
වයස : අවුරුදු 41
ලිපිනය : සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර්, ත්‍රිකුණාමලය.
Sinnampilleisimei, Wellimalar, Trincomalee.

 

Scroll to Top