කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පෞද්ගලික බස් රථ 15,000 ක් පමණ මසක් ඇතුළත ධාවනයෙන් ඉවත් කරවීමට සිදුවනු ඇතැයි පෞද්ගලික බස් හිමියන් පවසනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ අද (21) සිට ධාවනය කරන බස් රථ සංඛ්‍යාවද සියයට 50 කින් අඩු කරන බවයි.
කොරෝනා වෛරසය හමුවේ සිදුව ඇති බලපෑම අවම කර ගැනීම මෙහි අරමුණ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරන්නේ.