කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඉකුත් ජුනි මස 08 වෙනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නෞකාවල මුහුදු ආරක්ෂකයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
පුද්ගලයා සමග නිරෝධායන කඳවුරේ සිටි තවත් පුද්ගලයෙකුට පෙරේදා දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
දින 14 ක කාලයක් නිවාස නිරෝධායනයේ යෙදී සිටිමින් සිටියදී ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා සඳහන් කරයි.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙම පුද්ගලයාට සමාජය තුලින් වෛරසය බෝවීමක් සිදුව නොමැති බවයි.