සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහන යටතේ වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාර්ථක ලෙස සිදුකළ ගෙවතු වගාවන්හි ඵල දැරීම සිදුවෙමින් පවතිනවා.
වව්නියාව උතුර නෙඩුන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 176 ක අඩු ආදායම් ලාභී පවුල් 200 ක් සදහා සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහන යටතේ අධාර ලබාදීම සිදුකෙරුණා.
එම ගෙවතු වගාවලින් වම්බටු, මෑකරල්, කැකිරි,බණ්ඩක්කා,රටකජු ඇතුළු බෝග රැසක ඉතා සාර්ථක අස්වැන්නක් ලැබෙමින් තිබෙන බවයි ගොවීන් සදහන් කරන්නේ.