Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කල ජනතාවට පොලිසියෙන් දැඩි අවවාද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරන වතුකරයේ ජනතාවට හැටන් පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.

හැටන් බස්නැවතුම්පොලේදි හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.එස්.පලිපාන මහතා ඇතුළු හැටන් පොලිසියේ නිලධාරින් විසින් නගරයට මුඛ ආවරණ නොපැලද  පැමිණෙන ජනතාවගේ සවිස්තර වාර්තාවක් ලබාගෙන ඔහුන්ට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ තවදුරටත් නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කලහොත් එම පුද්ගලයන් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට අවශ්‍යය කටයුතු කරන බවයි.



බස් රථ වලද ගමන් ගන්නා මගින්ට මුඛ ආවරණ පැලද බස් රථ වල ගමන් කරන ලෙසට මගින්ට උපදෙස් ලබාදෙන ලෙසටත් එසේ නොකරන මගින් සම්බන්ධයෙන් පොලිසිය වෙත තොරතුරු ලබාදෙන ලෙස හැටන් බස් නැවතුම්පොලින් ධාවනය වන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන් පොලිසිය මගින් උපදෙස් ලබාදෙනු ලැබුවා.

මුඛ ආවරණ නොපැල හැටන් නගරයට පැමිණෙන ජනතාවට පොලිසිය දැඩි ලෙස අවවාද කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

Scroll to Top