මුව ආවරණ නොපළඳින පුද්ගලයින් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට යොමු කිරීමේ නීතිය අද(28) සිට ක්‍රියාත්මකයි.
මෝටර් රථවල ගමන් ගන්නා මගීන් මුව ආවරණ පැලද සිටීම අනිවාර්ය නොවන බවත් එහෙත් ඔවුන් මොටර් රථයෙන් බැස මහමඟ ගමන් කිරීම, වෙළඳසැල්වලට ඇතුළු වීම වැනි අවස්ථාවල මුව ආවරණ පැලදීම අනිවාර්ය බවත් සදහන් කරයි.
යතුරුපැදිවල ගමන් කරන මඟීන් අනිවාර්යෙන්ම මුව ආවරණ පැලඳ සිටිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.
පරිසරයට විවෘත වන බැවින් යතුරු පැදිකරුවන් මුව ආවරණ පැළදිය යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති බවයි ඔහු කියා සිටියේ.
ප්‍රධාන ජන හමුවකට සහභාගී කරවා ගත යුතු පිරිස 100 ට සීමා කර ඇති බැවින් එම සීමාවන්ට යටත්ව ජනහමු සංවිධාන කළ යුතු බවත්, එම ජනහමුවලට සම්බන්ධ වන සියළු දෙනා මුවආවරණ පැලදීම අනිවාර්ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවා.