කොවිඩ් – 19 වයිරසයේ ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු පාසල් නැවත ආරම්භ කිරීමේ පළමු අදියර මෙම මස 29 වැනි සඳුදා ක්‍රියාත්මක වේ.
මෙදින සියලුම පාසල්වල විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් කළමනාකරණ මණ්ඩල සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට පැමිණ පාසල් පරිශ්‍රයේ විෂබීජහරණය, පිරිසුදු කිරීම, කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් ආරම්භයට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය.
දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කරමින් අදියර 4ක් යටතේ පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.