Aboutceylon Online

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හොද කලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට බහුතර ජනතාවගේ නිවාස ප්‍රශ්ණය විසදීමට 1979 වසරේදී ආරම්භ කල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දශක 4ක කාලය තුළ රටේ සුහහසක් පොදු ජනතාවගේ නිවාස ප්‍රශ්ණය විසදීමට අනුපමේය සේවයක් කරන රාජ්‍ය ආයතනයකි.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම මූලික කර ගනිමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ  සභාපති රේණුක දුශ්‍යන්ත පෙරේරා මහතාගේ නායකත්වය යටතේ අද වනවිට නිවාස අධිකාරිය නව මාවතකට යොමිවී ඇත.

නව රජයේ නිවාස වැඩ පිලිවල වන ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන මගින් රටේ සෑම ග්‍රාම සේවා වසමකටම ප්‍රථම අධියරයේ පමණක් නිවාස 14022ක් මාස කිහිපයක් තුළ ඉදිවෙන අතර එහි දෙවන සහ තුන්වන අධියරත් අද වනවිට ආරම්භ කර ඇත. එදා වසර 4ක කාලයකටම ඉදිකළ නිවාස ප්‍රමාණය ආභිබවා සියළු පහසුකම් වලින් සමන්විත ජීවත්වීමට හැකි පරිසරයක නිවාස ඉදිකිරීමට හැකිවීම මෙම වැඩසටහනේ සාර්ථකථ්වයට බලපා ඇති ප්‍රධානතම කරුනය.



එසේම ඉදිරියේදී මධ්‍ය ආදායම් ලාබීන් සදහා නිවාස ව්‍යපෘති ඇතිකිරීමටත් රාජ්‍ය සේවකයන වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත් අපේක්ෂිතය. එආනුව ජාතික නිවාස සඔවර්ධන අධිකාරිය විසින් 2013 වසරේ ආරම්භ කළ නිවාස 560කින් සමන්විත කොළඹ 05, එඩ්මන්ටන් පාරේ මිහිදුපුර නිවාස ව්‍යාපෘතියහි 3වන අදියරයේ ඉදිකිරීම් කටයුතු ප්‍රශ්ණ කිහිපයක් මත පසුගිය 2017 වසරේ සිට අතරමග නවතා දමා තිබූ අතර එම ගැටළු විසදා එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමටද උපදෙස් ලබාදී ඇත.

ජාතික නිවාස අධිකාරියේ ප්‍රමුඛ යැපුම් මාර්ගය වන්නේ නිවාස ලාභින්ගෙන් ණය වාරික මුදල් අයකර ගැනීම වන අතර මහා භාණ්ඩාගාරයේ මූල්‍ය ප්‍රතිපාදන තුලින් යැපෙන ආයතනයක් බවට පත්ව තිබුනි.



නමුත් ජාතික නිවාස සoවර්ධන අධිකාරිය රජයට බරක් නැති තනිව යැපෙන ආයනතයක් කිරීමට වත්මන් සභාපති රේණුක දුශ්‍යන්ත පෙරේරාගෙන් නව වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර එහි පළමු වැඩසටහන මෙම ජූනි මස 01 වනදා සිට මහනුවර, මාතලේ, නුවර එළිය, කෑගල්ල සහ කුරුනෑගල යන දිස්ත්‍රික්කවලින් ආරම්භ කල මෙම දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනේ දෙවන අධියරය පසුගියද හම්බන්තොට ,මාතර, ගාල්ල , රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක වලත් වැඩසටහන් මාලාවේ 3 වන අදියරය කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන කාරයාලය,කළුතර,ගම්පහ බදුල්ල දිස්ත්‍රික්කවලත් වැඩසටහන් මාලාවේ 4 වන අදියරය නුරාධපුරය, පොලොන්නරුව, යාපනය, මන්නාරම, වවුනියාව,කිලිනොච්චිය,පුත්තලම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත් පැවැත්වින .

මේ අනුව අදවන විට වත්මන් සභාපතිතුමාගේ මනා කළමණාකාරිත්වය යටතේ ජාතික නිවාස අධිකාරිය නව මාවතක් කරා ගමන් කරමින් සිටින අතර ඉදිරියේදී රජයට බරක් නැති තනිව යැපෙන ආයතනයක් කිරීමට දරන උත්සහයට අද වනවිට කොළ එළියක් ලැබී ඇත….

Scroll to Top