Aboutceylon Online

පෞද්ගලික සහ ලංගම බස් ගැටෙයි – දෙපාර්ශවය අතර නොසන්සුන්තාවයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික සහ ලංගම බස් රථයක් අනතුරට පත් විමෙන් බස් රථ දෙකේම රියදුරන් සහ කොන්දොස්තරවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් (27) දින ඇති විය.

(27) දින උදැසන 8 ට පමණ මෙම අනතුර සිදු වුයේ හැටන් නගර මධ්‍යයේදිය.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් ලංගම බස් රථයකට කිලෝමිටර් 20 ක දුරට ඉස්සර කිරිමට පෞද්ගලික බස් රථ රියදුරු ඉඩ ලබා නොදිම නිසා හැටන් නගරයේදි ලංගම බස් රථය ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි පෞද්ගලික බස් රථයේ පසු පස ලංගම බස් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇත.



අනතුර සිදු වන අවස්තාවේ පෞද්ගලික බස් රථයේ මගින් විශාල පිරිසක් සිට ඇතත් අනතුරෙන් බස් රථයේ සිටි මගින් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් බස් රථ දෙකට අලාභ හානි සිදුවි ඇත.

අනතුර හේතුවෙන් දෙපාර්ශවය අතර ඇති වු දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් හැටන් නගර මධ්‍යයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති විය.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අනතුර සිදු වු ස්ථානයට පැමිණ අනතුරට පත් වි තිබු බස් රථ දෙකේම මාර්ගයෙන් ඉවත් කර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කෙරිණ.

අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරිමේ චෝදනාව යටතේ බස් රථ දෙකේම රියදුරන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

Scroll to Top