Aboutceylon Online

කොරෝනා සුවවී නිවසට පැමිණි කාන්තාවට යලි වෛරසය වැළදිලා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කුවේට්හි සිට පැමිණෙන විට කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට මෙහිදී රෝහල් ගතව සුවය අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී තිබේ.

අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ ඇත.



ඇය යළි පැමිණීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා  අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කොට සිටින මෙත්සිරි සෙවණ වෙත ඇතුලත් වූ බවට සදහන් වේ.

PCR පරීක්ෂණයක් අනුව එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවත් ඒ අනුව ඇයව IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියි.

මෙවැනි රෝගීන් සම්පුර්ණයෙන් විෂබිජ හරණයකට ලක්ව ඇති බැවින් ඔවුන් ගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමක් හෝ රෝග පැතිරීමක් සිදුනොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.



මෙම රෝගීන්ගේ ශරිරයන් තුල තිබෙන මියගිය RMA කොටස් නිසයි ඔවුන් යළි රෝගීන් බවට පත්වන්නේ. සාමාන්‍යයෙන් සුවය ලැබූ කොරෝනා රෝගියෙකු රෝහලෙන් පිටව යාමට පෙර දෙවතාවක් PCR පරික්ෂණයට ලක් කරනවා. මෙම කාන්තාවටත් එසේ සිදුකලා, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

Scroll to Top