අද (15) සිට කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ මාස 3 කට ආසන්න කාලයක් වසා දමා තිබූ මෙරට ජාතික උද්‍යාන , උද්භිද උද්‍යාන සහ සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ.
ඒ අනුය යාල , විල්පත්තුව , උඩවලව , මින්නේරිය , කවුඩුල්ල ඇතුළු ජාතික උද්‍යාන 08ක් සංචාරකයින් සඳහා විවෘත කෙරෙනු ඇති.
රජය විසින් නැවත විවෘත කිරීමේදි අනුමත කර ඇති මාර්ගෝපදේශ, සංචාරකයින්, සංචාරක මග පෙන්වන්නන් සහ සෆාරි ජිප් රථ රියදුරන් තරයේ පිළිපැදිය යුතු බවයි වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ජාතික උද්‍යානය තුළට ඇතුල් වීමට අවසර ලබා දෙන වාහාන සංඛ්‍යාව ව ද සිමා කිරීමට ගෙන ඇති අතර යාල හා උඩවලව ජාතික උද්‍යානවලට දිනක දී ඇතුළු කළ හැකි උපරිම වාහන සංඛ්‍යාව 150ක් වෙයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට වාහන 80 ක් සහ මින්නේරිය, කවුඩුල්ල සහ වස්ගමුව ජාතික උද්‍යානවලට වාහන 50 ක් බැගින් ඇතුලු කල හැකියි.
හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට සංචාරක කණ්ඩායම් 50 ක් සහ පරවි දූපත ජාතික උද්‍යානයට දිනකට බෝට්ටු 50 ක් ලෙස සීමා පැනවීමටයි වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අනෙකුත් ජාතික උද්‍යාන සඳහා සීමා කිරීම් පණවා නොමැති බව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ජාතික උද්‍යානය තුළට ඇතුල් වීමට අවසර ලබා දෙන වාහාන සංඛ්‍යාව ව ද සිමා කිරීමට ගෙන ඇති අතර යාල හා උඩවලව ජාතික උද්‍යානවලට දිනක දී ඇතුළු කළ හැකි උපරිම වාහන සංඛ්‍යාව 150ක් වෙයි.