ලීසිං වාරික ගෙවා නැති බව පවසමින් මෝටර් රථයයක් ලීසිං සමාගමක සීසර්වරුන් විසින් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එම සීසර්වරුන් නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථය පැහැරගෙන යාමට අදාළ ලීසිං සමාගමේ සීසර්වරුන් පැමිණි අවස්ථාවේ දී මෝටර් රථයේ හිමිකරු පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්රියාත්මක වූ පොලීසිය පැහැරගැනීමට පැමිණි පුද්ගලයින් සය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් 16 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.