නැගෙනහිර-මධ්‍යම සහ යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය ඉදිරි පැය 48 තුලදී තව දුරටත් වර්ධනය වී බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට අනුමාන කෙරේ. ගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර හා නාවුක කටයුතු වල යෙදීමේදී මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.දිවයිනට නැගෙනහිර සහ ඊශාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ. කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. (50-60) දක්වා වැඩි විය හැක.
කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.