Aboutceylon Online

මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) සඳහන් කළේය.



අංක 2172/03 හා 2020.04.20 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මෙම නව ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ යුත්තේ නිරෝධායන නීතිය සහ මැතිවරණ නීතියට අනුකූලව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී 2019 වසරේ සහතික කළ ඡන්ද හිමි නාම ලේඛනය යටතේ ඡන්දය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

ඒ අනුව මෙවර මහ මැතිවරණයේදි ලියාපදිංචි ඡන්ද දායකයන් එක්කෝටි හැට දෙලක්‍ෂ හැටතුන් දහස් අසූපස් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

දෙලක්‍ෂ හැත්තෑ එක් දහස් හත්සිය අසූනව දෙනෙකුට මෙවර මහ මැතිවරණයේදී තම කුළුඳුල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වීම ද විශේෂත්වයක්.

මහමැතිවරණයේ අපේක්ෂක නම් ලැයිස්තුව මෙතැනින් කියවන්න

Scroll to Top