අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කන්දක ගැටිමෙන් අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද (10) දින 11ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසලදිය.
හැටන් දික්ඔය පොඩයිස් සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග ත්‍රිරෝද රථය ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කන්දේ ගැටි අනතුර සිදු වි ඇත.
ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්තාවේ රියදුරා සහ පසුපස අසුනේ මගියෙකු ගමන් කර ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවි ඇති අතර අනතුරෙන් ත්‍රිරෝද රථයට අලාභ හානි සිදු වි ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණයත් සමග කදුකර මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.