කොවිඩ් වෛරසය මේ වනවිට මිනිස් ජීවිත ලක්ෂ 04 ක් ලෝකයට අහිමි කර තිබේ.
දිනපතා ලොවපුරා පුද්ගලයන් 5000 ක් පමණ වෛරසය හේතුවෙන් අහිමි වෙමින් තිබෙන අතර මේ නිසා කොවිඩ් මරණ ලැයිස්තුවට ඉදිරියේදීද තවත් ලක්ෂ ගණනක් එකතු වනු ඇත.
කොවිඩ් වෛරසය හේතුවෙන් තවමත් වැඩිම මරණ වාර්තා වන්නේ යුරෝපා රටවලින් වන අතර මේ වනවිට පුද්ගලයන් 178,525 ක් යුරෝපයට අහිමි වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය තුළ මරණ 111,627 ක් සිදුව තිබේ. එක්සත් රාජධානියේ පුද්ගලයන් 40,465 ක් මියගොස් ඇති අතර බ්රසීලයෙන් මරණ 35,139 ක් හා ඉතාලියෙන් මරණ 33,846 ක් වාර්තා වී තිබේ.