පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පතිත වී තිබුණු පින්න සහිත ස්වභාවය සහ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ප්‍රමාණවත් නොවීම නවසීලන්තයට එරෙහි පන්දුවාර විස්ස තරගය පරාජය වීමට හේතු විය හැකි යැයි ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.
පන්දුවාර විස්ස තරගාවලියන්හි අත්දැකීම් අඩු බවත් ඒ සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගත යුතුව ඇතැයි නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී කුසල් මෙන්ඩිස් මේ බව සඳහන් කළේය
අකිල ධනංජය, ලසිත් මාලිංග, ඉසුරු උදාන වැනි අත්දැකීම් බහුල පන්දු යවන්නන්ගෙන් වාසියක් ලබාගැනීමට අපේක්ෂා කළ බවත් එහිදී ක්‍රීඩාංගණයට පතිත වූ පින්න සහිත ස්වභාවය බාධාවක් වුණු බව ඔහු කීවේය.
පන්දු යවන්නන් ආරම්භයේ දී යහපත් තත්ත්වයක් ලබා දී තිබුණත් මධ්‍යම අවස්ථාවේදී කොළඹට සාපේක්ෂව පල්ලෙකැළේට පතිත වී තිබුණු පින්න නිසා එය අවාසි සහගත තත්ත්වයක් වූ බව ප්‍රකාශ කළ කුසල් මෙන්ඩිස් තවදුරටත් මෙසේද කීවේය.
අපි ජයග්‍රහණය කිරීමට හැකි උපරිම උත්සහය දරුවා. නමුත් යම් යම් වැරදි නිසා වෙන්න ඇති අපිට පරාජය වෙන්න සිදුවුණේ. තරගයක් අතරතුරදී පන්දු රැකීමේ දුර්වලතා ඕනෑම තරගයක දැකිය හැකියි. මගේ අතින් පවා පන්දු අතහැරීම සිදුව තිබෙනවා. තරගයකදී එය වළක්වන්න බැහැ, ඒක ඕනෑම රටකට පොදු යි.
අද තරඟය පරාජයට පත් වුණත් ඉදිරියේදී තරග කිරීම සඳහා අපට හොඳ අත්දැකීමක් සහ සූදානමක් තිබෙනවා. පැවති තරඟයේදී පිතිකරුවන් වඩා හොඳින් ක්‍රීඩා කළා යැයි මම විශ්වාස කරනවා. පන්දු යවන්නන් පවා ඉතා හොඳින් ක්‍රීඩා කළ අවස්ථාවක ප්‍රතිවාදී කණ්ඩායමට යම් යම් වැරදි සිදු වුවහොත් එහිදී අපට ජයග්‍රහණය ලැබිය හැකි යැයි කුසල් මෙන්ඩිස් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.