ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයීය 72වන සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද ආරම්භ වුණා.
එම සමුළුවට සහභාගිවීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සමුළුව නියෝජනය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රථම ශ්‍රී ලාංකේය උප සභාපතිවරයා වශයෙනි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංගලාදේශය, භූතානය, ඉන්දුනීසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, තායිලන්තය, උතුරු කොරියාව සහ ටිමෝර් ලෙස්ටේ යන රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂඥයින් මෙම සමුළුවට සහභාගි වනු ඇත.
කලාපයීය වශයෙන් මෙම රටවල් පසුගිය වසරවල රෝග ව්‍යාප්තිය මර්දනයට ගෙන ඇති පියවර සහ ඒවායෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සමුළුවේ අරමුණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයීය 72වන සමුළුව පුරා සතියක කාලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතයි.