බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විශේෂයෙන් කෑගල්ල, රත්නපුර, නුවරඑළිය ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලමි.මී.100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.
දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිඛෙනවා.
රත්නපුර , කෑගල්ල , මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සදහා මෙලෙස නායයාමේ අනතුර ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
නායයාම් අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පූර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඌව, නැගෙනහිර සහ උතුරු පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැක.