මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1141 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .
කෙසේ වෙතත් දැනට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් බවද සදහන් .
ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වාර්තා වී ඇති රෝගීන් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලෙක් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියි.
මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 457ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 674ක් වනවා.