Aboutceylon Online

කොරෝනා වෛරසයේ ලක්ෂණ වෙනස්වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබීම හේතුවෙන් කලින් වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවත් චීන මාධ්‍ය වාර්තා කරයි.



චීනයේ අළුතින් වාර්තා වන රෝගීන් කාලාතුරකින් වෛරසයේ මුල් රෝග ලක්ෂණය වන උණ රෝගය පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ සිරුරේ අනෙක් අවයව වලට සාපේක්ෂව වෛරසයෙන් පෙනහළු වලට ඇතිකරන හානිය අධික බවත් ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට වැඩි කාලයක් ගන්නා බවත් චීන වෛද්‍්‍යවරුන් කියා සිටියි.

Scroll to Top