Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

‘වන්දේ භාරත්’ වැඩ අරඹයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව පුරා විවිධ රටවල සිරව සිටින ඉන්දියානුවන් නැවතත් සිය රටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති විශාලතම වැඩසටහන ‘වන්දේ භාරත්’ නමින් ක්‍රියාවට නංවා ඇත. මෙම වැඩසටහන යටතේ පහත සඳහන් එයා ඉන්ඩියා විශේෂ ගුවන්යානය ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිටත් කිරීමට සූදානම් කර ඇත.

මැයි 29 වන සිකුරාදා : AI 0276 කොළඹ සිට මුම්බායි දක්වා

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වීම් මත පදනම්ව මෙම ගුවන් යානය සඳහා මගී ලේඛනයක් සකස් කෙරෙනු ඇත. මේ සඳහා සේවයෙන් ඉවත් කරන ලද සංක්‍රමණික ශ්‍රමිකයන්/කම්කරුවන්, කෙටි කාලීන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ අයවලුන්, හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති අයවලුන්, ගර්භණී මව්වරුන්/ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, පවුලේ සාමාජිකයකුගේ අවමංගල්‍යයක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය කරන අයවලුන් සහ ඉන්දීය රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020 මැයි 5 දිනැති විදෙස් රටවල සිරව සිටින ඉන්දියානු ජාතිකයන්සිය රටට ගෙන්වා ගැනීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ (https://www.mha.gov.in/sites/default/files/4MHA%20SOPs%20Dt.%205.5.2020%20reg%20movement%20of%20Indian%20nationals%20stranded%20outside%20the%20country%20and%20of%20specified%20persons%20to%20travel%20abroad.pdf) දැක්වෙන පරිදි ශිෂ්‍යයන් ඇතුළු අත්‍යාවශ්‍ය අයවලුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.



මෙම ගුවන් යානය පිළිබඳ තොරතුරු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ යාවත්කාලීන කෙරෙනු ඇත. කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන් රැසකගෙන් ඉල්ලීම් ලැබී ඇති බැවින් ඒ අතරින් තෝරාගත් අයවලුන්ට පමණක් මෙම ගුවන් යානයෙන් ඉන්දියාව බලා යාමට අවස්ථාව හිමි වනු ඇත. මේ සඳහා තෝරා ගත් අයට ඒ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් විද්‍යුත් තැපැල් මඟින් දැනුම් දෙනු ඇත.



ගුවන් ගාස්තු හා ඉන්දියාවට පැමිණි පසු අනිවාර්ය නිරෝධායන පහසුකම් සඳහා වන පිරිවැය මගීන් විසින් දැරිය යුතු වේ. නිරෝධායන පහසුකම් සහ අදාළ ප්‍රාන්තය හෝ පාලන ප්‍රදේශය විසින් අනුගමනය කරනු ලබන සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිළිබඳ විස්තර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත.

මේ වන තෙක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නැති ඉන්දීය ජාතිකයන්ට පහත ලින්ක් එක මගින් ලියාපදිංචි විය හැකිය.

https://hcicolombo.gov.in/COVID_helpline ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන්ට ඉවසීම් සහගතව සිටිනා ලෙස සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යයන්හි යාවත්කාලීන කිරිම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.

Scroll to Top