Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අද සිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග සඳහා අද (05) සිට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (05) සිට නොවැම්බර් 30 දක්වා අයදුම්පත් යොමුකළ හැකියි.

සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා. පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු වනවා.

ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිපත් කළ යුතුයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් අවබෝධ කරගෙන නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් දුරකථන අංක 0112784208 0112784537 / 0112785922 හෝ [email protected] යන විද්‍යුත් තැපෑල මගින් වීමසීම් කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Scroll to Top