Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මස්ක්ගේ X, අමෙරිකා මැතිවරණයේ වැරදි තොරතුරුවල කේන්ද්‍රස්ථානයයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එක්සත් ජනපද මැතිවරණය පිළිබඳව ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි, බිලියන 2 ක නැරඹුම් වාර හිමිකරගෙන ඇති බව නව වාර්තාවකින් පෙන්වා දෙති.

එම වාර්තාවට අනුව, ජනාධිපතිවරණ සටනේ ප්‍රතිඵලය තීරණය කළ හැකි තීරණාත්මක ප්‍රාන්ත පිළිබඳ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සඳහා X වේදිකාව ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇති බව සඳහන්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට X වහාම ප්‍රතිචාර දක්වා නැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මස්ක්, ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස්ට එරෙහිව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටුපසින් සිට සිය සහය ලබාදීම පැහැදිලිව පෙන්නුම් කළ කාරයණයකි.

ඒ අනුව ඔහු ට්‍රම්ප් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් මේ වන විට විශාල පොරොන්දු කිහිපයක් ද ලබා දී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

Scroll to Top