2024 මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.ඒ අනුව මොනරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවකට මුද්‍රණය කර ඇති බව සඳහන්.
සෙසු මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.සෑම ඡන්දදායකුට ම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ ලබා දිය හැකියි.
තම ඡන්දය දෙන පිළිගත් දේශපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකයේ සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ X ලකුණ යෙදිය යුතුයි.
ඉන් අනතුරුව නාමයෝජනා කරන ලද අපේක්ෂකයන් තුන් දෙනෙකුට නොවැඩි පිරිසකට සිය මනාපය පළ කිරීම සඳහා ඡන්ද පත්‍රිකාවේ අග දැක්වෙන එක් එක් අපේක්ෂකයාට වෙන් කර දී ඇති අනුක්‍රමික අංකයට අනුරූප අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත X ලකුණක් යෙදිය යුතු බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.