ලොව විශාලතම තාක්ෂණික සමාගමක් වන google සමාගමට එරෙහිව රුසියාව විසින් ඉහළ වටිනාකමකින් යුතු දඩයක් නියම කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම දඩය අමෙරිකානු ඩොලර් 20,000,000,000,000,000,000,000,000,000,000,000 ක ප්‍රමාණයක් වන බවයි.
ගූගල් හි මව් සමාගම වන Alphabet හි වෙළඳපල වටිනාකම වන්නේත් ඩොලර් ට්‍රිලියන 2 ක් පමණය.
මෙයාකාර දඩයක් පැමිණවීමට හේතුව යූ ටියුබ් හි රුසියානු රාජ්‍ය මාධ්‍ය නාලිකා සීමා කිරීම වන බවයි, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රෙම්ලිනය සඳහන් කරයි.
කෙසේ නමුත් ‘අගය නිවැරදිව උච්චාරණය කිරීමට පවා නොහැකි’ මෙවන් දඩයක් පැමිණවීම සංකේතයක් ලෙස පැනවූවක් වන බවයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් විදෙස් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.