Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දීපාවලී දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබේ.

අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සැමරෙයි.

මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි.

දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සදහා එක් වන්නේ මහත් බැති සිතින්.

දීපාවලී වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය පණිවුඩය නිකුත් කරයි

ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරගාසුර යක්ෂයා යටත් කර ගැනීම උත්කර්ෂවත් ලෙස සැමරීමට හින්දු බැතිමතුන් ට දීපාවලී දිනය සමරති.

ලාංකිකයින් හින්දු බැතිමතුන් තම නිවෙස් වල පහන් දල්වා එම උත්සවය සමරන්නේ ඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යයි ප්‍රාර්ථනා කරමින්.

මෙම උත්සවයේ ආලෝකය අපගේ නිවෙස් ආලෝකමත් කරනවා පමණක් නොව, අපගේ හදවත් තුළින් යුක්තිය, දයාව සහ සහයෝගීතාවය පිළිබඳව ගැඹුරු හැඟීමක් දල්වනු ලබයි.

අඳුර පරදවා ලෝකයේ ජයග්‍රහණය සමරන මෙම දීපවාලී දිනය අසමානතාවයන්ට අනුව අයුක්තියට සහ බැහැර කිරීමට එරෙහිව අඛන්ඩ අරගලයන්හි නිරත වන සියල්ලන්ටම අපගේ ගෞරවය හිමි විය යුතුය.

සෑම කෙනෙකුටම නිදහස ගෞරවය සහ අයිතිවාසිකම අත්විඳිය හැකි ලෝකයක් ගොඩනැගීමට අප නැවත නැවතත් කැපවී ක්‍රියා කරන බව අවධාරණය කරමු.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන අපගේ ප්‍රතිපත්තිය තුළින් අපේක්ෂා කරන පරිදි අපගේ සාමූහික ඉලක්කය වන්නේ කිසිවෙකු අත්නොහැරෙන බව සහතික කරමින් සියලු දෙනාගේ ජීවන තත්ත්වය ඉහල නැංවීමයි.

මෙම දීපාවලී දිනයේ සමරන සෑම අයෙකුගේම ජීවිතයට ආලෝකය ප්‍රීතිය සහ නවතාවයන් ගෙන එනු ඇත.

දීපාවලී උත්සවය සමරන ඔබ සැමට ඉතා ප්‍රීතිමත් අර්ථවත් සහ ාමකාමී දීපාවලී උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

දීපාවලී හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි වැඩ අරඹයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (30) පස්වරු 4.30 සිට දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදට (31) යෙදී තිබෙන දීපාවලී දිනය වෙනුවෙන් අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සදහන් කරයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අවසන් කළ අතර අද දිනයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීම ආදී කටයුතු සාමාන්‍ය ලෙස සිදු වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසීය.

තම ගැටළු සඳහා නියමිත විසඳුම් ලබා නොදුන්නොත් දීපාවලී උත්සවයෙන් පසුව නැවත සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත යොමු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Scroll to Top