Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වල් වැදී විනාශ මුඛයට යන පොළොන්නරුවේ වී ගබඩාවල්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වී ඇටයක්වත් නැති තවමත් මුරකරුවන් පවා මුරට සිටින වල්වැදී ඇති වී අලෙවි මණ්ඩලය සතු පොලොන්නරුවේ වී අලෙවි ගබඩා පිළිබඳ වහාම අවධානය යොමුකරන්නැයි ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙම ගබඩා සංකීර්ණ යළි ප්‍රතිසංස්කරණය කර ඉදිරි කන්නයේදීවත් වී මිලදී ගැනීමේ වැඩසටහනක් පෞද්ගලික අංශයත් සමඟ තරගකාරීව ආරම්භ කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා විශාල ප්‍රමාණයක් මේ වන විට වල්වැදී ඇති බවයි ගොවි සංවිධානවල නියෝජිතයන් පෙන්වා දෙයි.

සෑම රජයකටම මෙම ගබඩා පිළිබඳ අවධානය යොමුකෙරෙවුවත් කිසිවෙකුත් ඒ පිළිබඳ සලකා නොබැලුව බවයි ගොවිජනතාව පෙන්වා දෙයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර , දිඹුලාගල , හිගුරක්ගොඩ , මැදිරිගිරිය , ලංකාපුර , තමන්කඩුව, වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7හිම පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා මේ වනවිට වල්වැදි විනාශ වෙමින් පවතින බවයි ගොවි නියෝජිතයන් පෙන්වා දෙන්නේ.

විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සමඟ රටේ නිෂ්පාදන ආර්ථිකය බිදදැමීමේ තවත් සලකුණක් ලෙසයි මෙම වල් බිහිවූ ගබඩා සංකීර්ණ ඔවුන් හදුන්වා දෙන්නේ.

රට තුළ සහල් අර්බුද ඇතිවන අවස්ථාවේදී මෙවැනි ගබඩාවල නිෂ්චිත වී සංචිතයක් ගබඩාකර තිබුණේ නම් කිසිවිටෙකත් අර්බුදකාරී තත්ත්වයන් උද්ගතවීමේ ඉඩක් නොලැබෙන බවයි ගොවි සංවිධාන නියෝජිතයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා .

Scroll to Top